සඳුට වෙර කළ සැපින්නක ගැන - නයි කදුළු නැත යා උනේ
කිඳුරු පෙම ගැන සදෙව් ලොව දුර - සොඳුරු පද වැල් ලිය වුනේ
අඳුරු අරණක සඳ සුයාමෙක - දඟර ගැහිලා සෙල උනේ
කින්නරාවක් නොව අදෝමැයි - බස්සෙකුය ස්ථිර කළේ ...
සළෙලු කවියක උමතු තනු තුළ - රඟපු ළඳකගේ නෙරිපොටේ
හඳ එළිය මැද මිදුව වර පට - පෙමට උපමා නොම කළේ ..
පෙගුනු කෙහෙරැළි ලයට බර උනි - දෙවිඳු හැර ගිය කෝවිලේ
අමතකව ගිය මිරිවැඩිය ගැන - අරුම දෙස් තව බෝ කළේ ...
රනින් කළ මිරි වැඩිය හිස මත -දිදුළ මැණිකක පපු තුරේ
කළුම කළු නයි හැවක් එතුනලු - නුගේ පාමුල ගල් වලේ
නෙක යවුල් මැද පා තැබුව සඳ - පා සලබ හැර ඝන දුරේ
සැපින්නට මිරි වැඩි කුමට හෙට - අසනු කුමකට නුඹ සඳේ ....
ෂා මරුනෙ.....
ReplyDeleteරස්තියාදු සහෝදරයා, බොහොම ස්තූතියි රසවිඳීමට සහ මේ පැත්තේ ආවාට
Deleteබොහොම ස්තූතියි තඩියා ඔබ නිතරම නිර්මාණ රසවිඳීම සහ දිරිමත් කිරීම සතුටක්
ReplyDeleteපද එකින් එක ශබ්ධ රසයත් සමගින් ලියැවුණු රස නිර්මාණයක්. සතුටුයි මෙවැනි නිර්මාණ කියවන්න ලැබීම.
ReplyDeleteජයවේවා!!!
බොහොම ස්තූතියි දුමී . ඔබේ දිරිගැන්වීමට . බොහොම ස්තූතියි දුමී . ඔබේ දිරිගැන්වීමට . ඔබටත් ජය වේවා !
ReplyDeleteගීතයකට උචිත කාව්‍ය නිර්මාණයක්.ජය ඔබට
ReplyDeleteබොහොම ස්තූතියි ක්ෂේමභුමි දියණි . දවසක ගීතයක් ලියන්න උත්සහ කරන්නම්
ReplyDeleteලස්සනයි
ReplyDelete