හත් දින පේ වුන -කිලි ගෙයි පෑදුණ
කොටහලුවක නැකතක් මානේ
පිපුණු කැකුළු මත - බෝදුර යන්නට
සිතුවලු කුමාරිගේ සළු පානේ .................
පෙර එක දවසක - හිරු බිඳී සවසක
අහසම බීරුම් කරපු වෙලේ
මිදුව තිසර පට - මහවෙලි ගං තෙර
උණ ගාලේ සෙනෙහසින් රැඳී ..................
හසකැන් තුඩු මත - බබරිදු විස කළ
අතැගිලි එක්කොට බැන්ද දිනේ
රන් තැලි එක්කළ - උදම් හසුන් මත
තිසර පොටේ මල්කම් බෝවේ .................
නෑ සිය පුර මැද - නෙරි පොට බිදුමට
උදක් දුන්නු අයිතිය හමුවේ
බිමට විසික් කල -තිසර පොටේ අග
පැටලුණි බුමුතුරුණක රහසේ ..................
කිරි පිරිලැම මත - කදුළැලි මුසු කොට
සුසුම් හෙලූ වසරක් ගානේ
හිමි සඳු කොහේදැයි - විපරම් කළ ඇගේ
සුරතෙහි පැටලුණි රෑ යාමේ ......................
නිවසට බෝ දුර -වියන් යහන මැද
ඇගේ හද යළි රස සෙව්ව දිනේ
බිමට විසිව ගිය - එරන් තිසර පොට
ගිරි හිස දැක යළි සිනහ සුනේ .................
++++++
ReplyDeleteස්තූතියි ඉයන් මේ පැත්තේ ආවට සහ ඔබේ ප්‍රතිචාරයට
Deleteඔබට මීට වඩා උසස් නිර් මාණ කල හැක!
ReplyDeleteශෘංගාරය මැවෙන්නට පාද සළඹේ හඬ ප්‍රමාණවත්වේ.
පයින් ගැසීමක් ඇවැසි නොවේ!
සත්තකින්ම. බොහොම ස්තූතියි ඔබට. මට තේරෙනවා ඔබ කියන දේ. එත් මම පොඩි උත්සහයක් ගත්තා මගේ විදිහෙන් එලියට එන්න. මොකද සමහරක් අය දකිනවා, මගේ අදහස එළියට එන එක ප්‍රමාණවත් මදි කියන එක. මම ඉදිරියේදී උත්සහ ගන්නම් වෙනස තුළට සංයමයක් ගේන්න පුලුවන්ද කියල.
Deleteලස්සනයි. අර්ථවත්.
ReplyDeleteජයවේවා!!!
ස්තූතියි දුමී
ReplyDeleteදෙපාරක් කියෙව්වා... දෙපාරම අවසානයට එද්දි අදහස පැටලුනා... බලමු තව පාරක් කියවලා
ReplyDeleteඒ පැටලුණු අදහස මොකක්ද සඳු
ReplyDelete