තෙද බල කුටිය
- කහවණු පැහැයෙන් හැඩය
කළුවන් කබා
මැද බේරෙන - බඩ ගෙඩිය ..
සාරසුභාවට කැන
හිළු - නිදි බරය
නීතියේ ලඳත්
විනිසුරු ළග - අවසඟය
ලේ පුසුබකට
ඇදෙනා - දඩයම් කලය
සුදු සළුවකට
වැසුනත් රුව - පැහැසරය
අබමිට අතින්
ගත් ගැහැණිය - වනචරය
නිදි ගැට කැඩුව උන් හැම හූ - හඬ පෑය
බඳවා රනින්
යදමක් - නැකතක් මැද්දේ
ජය මංගල ගයා
- අවමගුළකි ගත්තේ
සොඳුරිය මේඝයකි
- සළලෙකු නැත දත්තේ
අඳ නීතියට ඇය අද - අවසඟ නැත්තේ
විසිරුණු කිරට
නැත ඇය - විනිසුරු යැද්දේ
පින්මද පුතුන්
දැක මදහස - මුව ඇන්දේ
යදමින් බැදුන
පා යුග - මිණි ගෙඩි සද්දේ
ඇහැරුණු උන්ට
නැත අවසර - ඉන පල්ලේ
අසඩක් ඔබ කොහෙද?
ReplyDeleteග්රූෂා පැමිණ ඇත
යුක්තිය අයදමින්.....
ඔබ රැජින වෙනුවෙන් හා සමගින් ද
පවසව කළු කබා කාරයන්
අතරෙන් මිදී..
ගෘෂා කිමද ඇය ශාෂා ඇත ඇරියේ
Deleteඅසඩක්ගේ ඇබිනි
අද අඩ හැර පෑවේ
රැජිනත් සමග බිරිදත් ....සිහියට ආවේ ...
අසඩක් තුමා
පිළිතුර යළි කල් දැම්මේ ................
ස්තුතියි ලොකු මල්ලි තුමණි
අපුරු නිර්මාණයක්
ReplyDeleteස්තූතියි ක්ෂේම භූමි දෝණි. ඔබගේ ඇගැයීම මහත් සතුටක්
DeleteThis comment has been removed by the author.
ReplyDeleteලස්සනයි.
ReplyDeleteඅදයි මේ පැත්තට ආවේ.
ජයවේවා!!!
ස්තූතියි දුමී. මේ පැත්තේ ආපු එක ගැන හුගක් සතුටුයි
Deleteලස්සනයි
ReplyDeleteස්තූතියි. ගැහැනියකට තමයි හොඳටම දැනෙන්නේ
ReplyDeleteමේ කවිය දැක්කේ අදයි..
ReplyDeleteබොහොම ලස්සන නිර්මාණයක්.
බොහොම ස්තූතියි ලිකිතා. ඔබේ ඇගයීම සතුටක්
ReplyDelete