සැදැවේ මඩ වලක් දුටුවෙමි - ගස් ගොමුවෙ මනරම්
රැළි නගා මට ඉඟි කළා දිය - ගිලීලා බලපන්
එත් ඈතින් වල අයිති මහ - නැඩා දුටුවෙමි මං
මග හැරලා වල ඉවත ඇදුනෙමි -ඌට සුබ පතමින්
තවත් දවසක දවල් වරුවක - හිටිය මම තනියෙන්
කළුම කළු මඩ පිරුණු දියවල - ඉස්ස මඩ රහසින්
මගේ සිතුවිළි ඇවිස්සූ වල- කිව්වා මට මෙලෙසින්
දුරින් හිටපන්, හිදිමුකෝ අප - සකි සඳුන් විලසින්
වියළි වන ගැබ සිසිල සොයමින්- සැරුවා මන් රහසින්
නෙළුම් පිරි විල හිනැහුනා මට - මාව මත් කරමින්
මඩේ සැප මිස නෙළුම කුමකට - සිහිවුණා විගසින්
මඩ නොකර විල පිට උනා මම - මගේ හිස ගසමින්
මඩේ වැතිරී නගුට වනමින් - කෙළිති සමහර උන්
එක වලක නොව- දෙක තුනක සැප - සොයති මී හරකුන්
වලක් නැති යයි තප්පුලති තව - බානේ බැඳී හරකුන්
විපිළිසර වෙමි සඳට දෙස් දෙමි - තෙමෙන නොතෙමෙන මන් .........
නෑම මී හරක් ගතියකි
ReplyDeleteනොනෑම එලෙසමය සොයුරි
දහ් ටොහ් ටොහ් දහ් ටොහ් ටොහ්
නොනෑ ලෙසට යන නෑ අය
දැක්කම හරි ජොලි සන්දිරි
දහ් ටොහ් ටොහ් දහ් ටොහ් ටොහ්
නෙළුම දනියි මඩ නෑ බව
සිහ නරි සා සියල්ලන්ද
දහ් ටොහ් ටොහ් දහ් ටොහ් ටොහ්
උන් ඉන්නේ කට පියාන
මී හරකෙක් නිසාය සකි
දහ් ටොහ් ටොහ් දහ් ටොහ් ටොහ් ඩ්රූම්......!
කට්ටකඩුවේ ලොකු මල්ලී
ReplyDeleteකවිය ඔබේ හරි සුපිරී
මඩ නෑ සිහ නරි හැංගී
කීම අම්බරු හට කින්ඩි ......
සිංහය වෙයි කැලේ රජා
Deleteනරියා අමු කපටි සතා
දහ් ටොහ් ටොහ් දහ් ටොහ් ටොහ්
උන් නෑවට නොනෑ බවයි
කැලේම පිළිගන්නෙ පොලී
දහ් ටොහ් ටොහ් දහ් ටොහ් ටොහ්
නියමයි
ReplyDeleteස්තූතියි සඳවතී රස වින්දාට සහ මේ පැත්තේ ආවාට
ReplyDelete