දිනෙක
ගණදුරු රැයක් විය සඳ, කුමරි නෑ රැගුමන්
අමාවක
බව සිහිකලා සිත ශීත පවනල්ලෙන්
අහස්
ගැබ කොන දිලුනු තරු මල ඉඟි කළා හොරැහින්
සඳු
නොමැති යම , ඈ සිටින බව
පැවසුවා රහසින්
හිරු නැගෙන
යම තබර විල පිපි රනින් කළ පියුමන්
විහඟ
ගී මැද බිඟුට පෙම් බැඳ නගති හද කැලුමන්
රැයේ
පිබිදුණ කුමුදු
මලකගේ හිරු
දකින පෙරුමන්
බිඳී
හැඬුවා ඉකිගසා ඇය අතැර හද
පැතුමන්
සෙනෙහෙබර
හිමි හුයෙන් බැඳී ඒ සොඳුරුතම බිරියන්
මධුර
සිහිනෙක සිතුම් පැහැසර
නගයි හසරැල්ලෙන්
කෝල නෙතු
අඩවන් කළේ මා
නුරා පිරි
සිතකින්
කියා ලෝකය
මරා දැම්මා
මියෙන නොමියෙන
මං
අවසාන පේළිය අමුතු ලස්සනක්
ReplyDeleteහරිම සතුටුයි ඉයන් ඔබ එය හදුනා ගත්තාට. කවිය එතනයි. අනෙක් සියල්ල පසුබිම පමණයි
ReplyDelete