මලකි නුඹ මනරම් - විලකි සෙනෙහස දුන්
උසට නැගෙනා ගිරි හිසයි නුඹ -අහස් කුස සිඹිමින්
සිව් දිගින් එන නේක සුළි මැද -හිනැහෙමින් ඉඳපන්
මියුලැසිය ඔබ නම් ………………………………//
පෙති බිඳුණු දා -මලක් නැති බව - නුඹට මුමුණයිදෝ
මලක පැහැසර අඳ වු දෙනෙතින් දකින උන් කොහිදෝ
නීල අඹරේ පියාඹන්නට -නුඹට බැරි කිමදෝ
දියඹ ඔබ්බෙහි ලොව දකින්නට අවසරයි නංගෝ ..........
මලකි නුඹ මනරම් - විලකි සෙනෙහස දුන්
උසට නැගෙනා ගිරි හිසයි නුඹ -අහස් කුස සිඹිමින් //
පෙති හැලුණු මල් -පිබිදෙනා බව - අහස් ගවූ උසකින්
සුළඟ මුමුණයි - අසනු දියණිය - දිරිය පිරි හිතකින්
මලකි නුඹ මනරම්- සුවඳ දෙන හැබැහින්
කැලුම් දී හිනැහෙන්න නැගණිය -නැගෙන හිරු විලසින්
මලකි නුඹ මනරම් - විලකි සෙනෙහස දුන්
උසට නැගෙනා ගිරි හිසයි නුඹ -අහස් කුස සිඹිමින් //
👉අතුල අධිකාරි ගයන, බන්දුල නානායක්කරවසම්ගේ ගී පද "විසිරුනු මල් පෙති දෝතට ගත් කුමරි- ඒ පෙති එක් කර මලක් සොයන බොලඳි -සරදම් නොකරමි ආදරයෙන් කියමි, විසිරුනු පෙති යලි මලක් නොවේ නැගණි", අපේ යොවුන් වියේදී නිතරම ගැයුණු අදටත් ගැයෙන ගීතයක්. එත් මහ වැසි මැද්දේ, ගෙදර එමින් ඉන්න විට ඒ සින්දුව ඇහෙන කොට පළමු වතාවට මට හිතුනා මේ කියන දේ වැරදියි නේද කියල . සින්දුව ගැන විවේචනයක් නෙමේ, මේ ගීතය අවවාදයක් දෙනවා නමුත් කන්‍යාභාවය නැතිවූ පමණින් ඇය තවදුරටත් මලක් නොවේයැයි පවසන සමාජය පසුගාමී නොවේද? එබැවින් මේ ඇය වෙනුවෙන්; 💖💖
🤗👌
ReplyDeleteබොහොම ස්තූතියි
Deleteමටනම් ඒ සිංදුවේ එහෙම දෙයක් දැනෙන්නෙ නෑ.
ReplyDeleteඒ වගේම මේකත් අපූරු පද පෙළක්. ❤️💖......
බොහොම ස්තූතියි. බොහොම ස්තූතියි අපිට සමහරක් විට දැනෙන්නේ තනුව . සමහරක් විට අරුත . එත් දැනෙන දේ එකිනෙකාට සාපෙක්ක්ෂයි
ReplyDelete