About Me

My photo
දනිමි මම මා නොවන වග, මට මා හමුනොවන සඳ, විනිවිදිමි ගණදුර, එළිය පහනක නොතිර බව තුළ.

Thursday, November 3, 2022

#39: මලකි නුඹ මනරම් - විලකි සෙනෙහස දුන්

මලකි නුඹ මනරම් - විලකි සෙනෙහස දුන්

උසට නැගෙනා ගිරි හිසයි නුඹ -අහස් කුස සිඹිමින්
සිව් දිගින් එන නේක සුළි මැද -හිනැහෙමින් ඉඳපන්
මියුලැසිය ඔබ නම් ………………………………//


පෙති බිඳුණු දා -මලක් නැති බව - නුඹට මුමුණයිදෝ
මලක පැහැසර අඳ වු දෙනෙතින් දකින උන් කොහිදෝ
නීල අඹරේ පියාඹන්නට -නුඹට බැරි කිමදෝ
දියඹ ඔබ්බෙහි ලොව දකින්නට අවසරයි නංගෝ ..........


මලකි නුඹ මනරම් - විලකි සෙනෙහස දුන්
උසට නැගෙනා ගිරි හිසයි නුඹ -අහස් කුස සිඹිමින් //
පෙති හැලුණු මල් -පිබිදෙනා බව - අහස් ගවූ උසකින්
සුළඟ මුමුණයි - අසනු දියණිය - දිරිය පිරි හිතකින්


මලකි නුඹ මනරම්- සුවඳ දෙන හැබැහින්
කැලුම් දී හිනැහෙන්න නැගණිය -නැගෙන හිරු විලසින්
මලකි නුඹ මනරම් - විලකි සෙනෙහස දුන්
උසට නැගෙනා ගිරි හිසයි නුඹ -අහස් කුස සිඹිමින් //

👉අතුල අධිකාරි ගයන, බන්දුල නානායක්කරවසම්ගේ ගී පද "විසිරුනු මල් පෙති දෝතට ගත් කුමරි- ඒ පෙති එක් කර මලක් සොයන බොලඳි -සරදම් නොකරමි ආදරයෙන් කියමි, විසිරුනු පෙති යලි මලක් නොවේ නැගණි", අපේ යොවුන් වියේදී නිතරම ගැයුණු අදටත් ගැයෙන ගීතයක්. එත් මහ වැසි මැද්දේ, ගෙදර එමින් ඉන්න විට ඒ සින්දුව ඇහෙන කොට පළමු වතාවට මට හිතුනා මේ කියන දේ වැරදියි නේද කියල . සින්දුව ගැන විවේචනයක් නෙමේ, මේ ගීතය අවවාදයක් දෙනවා නමුත් කන්‍යාභාවය නැතිවූ පමණින් ඇය තවදුරටත් මලක් නොවේයැයි පවසන සමාජය පසුගාමී නොවේද? එබැවින් මේ ඇය වෙනුවෙන්; 💖💖

4 comments:

  1. මටනම් ඒ සිංදුවේ එහෙම දෙයක් දැනෙන්නෙ නෑ.
    ඒ වගේම මේකත් අපූරු පද පෙළක්. ❤️💖......

    ReplyDelete
  2. බොහොම ස්තූතියි. බොහොම ස්තූතියි අපිට සමහරක් විට දැනෙන්නේ තනුව . සමහරක් විට අරුත . එත් දැනෙන දේ එකිනෙකාට සාපෙක්ක්ෂයි

    ReplyDelete

සංචාරයේදී හමු උන ඔබේ ගමනට සුබ පැතුම්, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ .