මදහස නැගෙන මුවගේ දෙසවන් දක්වා
කෙහෙ රොද රැදුනි කන් පෙති අතරින් ලිස්සා
නුඹ දෙස් තියන අරුමෝසම් වැසි වස්සා
මුප්පු තෝඩුවක්
හිනැහුණි ඇය එක්කා
නාභිය බොලට වැසුමට සළුපිළි මස්සා
කෙණ්ඩිය අගින්
පේ කළ සෙත් පැන් ඉස්සා
සුරතේ මවන
පච්චය සිත යට රිස්සා
පින් කළ සිතක
තරු සිතුවිළි වැසි වැස්සා…….
සොඳුරිය සිහිනයක් -හන්සයෝ ගී ගයන
නිසසල විලෙත්
-හැමවිට නෙක රැළි නගන
මානෙල්, නෙළුම්
පරදන කඩුපුල් කුසුම
අවිහිංසක
නැතැයි කිම මැසිවිලි බෝම ......
ගිගුරුව තරම්
අහසම කළුවර වේ දෝ
සඟවන හැඟුම්
හිත යට අමතක වී දෝ
තරහෙන් පිප්පුවත්
ආදරේ ඇති නේදෝ
හැට්ටේ පිටට
බොත්තම් දැමුවා හැඩ දෝ